දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි..

Report

දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ලබන දුම්රියවල ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවයි.

ඇමරිකන් අධිකරණය හමුවේ ගූගල් සමාගම වැරදිකරු වේ..

ඇමරිකන් අධිකරණය හමුවේ ගූගල් සමාගම වැරදිකරු වේ..

දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නිසි අකාරයෙන් ක්‍රියාත්මක නොවීමට විරෝධය පළකරමින් එහි සේවකයින් මේ වනවිට සේවා කටයුතුවලින් ඉවත් වී තිබේ.

දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය සහ බදුල්ල ඔඩිසි යන දුම්රියන් මෙතෙක් ධාවනය කිරීමට නොහැකි වී ඇති බවය.

ජනාධිපති අපේක්ෂකයින් වැඩි වෙන්න වැඩිවෙන්න මහජනතාවගේ පොකට් එක හිස් වෙනවා ..

ජනාධිපති අපේක්ෂකයින් වැඩි වෙන්න වැඩිවෙන්න මහජනතාවගේ පොකට් එක හිස් වෙනවා ..

පවතින තත්ත්වය හමුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවනු ඇති බව ද ඉදිපොළගේ සඳහන් කළේය.