මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක්..

By Piyumika Nov 05, 2024 04:30 AM GMT
Report

කොස්ගොඩ සහ ඉඳුරුව දුම්රිය ස්ථාන අතරතුරදී රේල් පීල්ලක් කැඩී ගොස් තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ හේතුවෙන්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.