හිඟයක් නැතුව ඖෂධ දෙන්න සාකච්ඡා

Report

සෞඛ්‍ය සේවාව සහ ඖෂධ යනු මෙරට ජනතාවගේ ජීවිත සමඟ ප්‍රමුඛ ව බද්ධ වූ ක්ෂේත්‍රයක් බැවින් ඊට විකල්ප නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

මේ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයන් වල කටයුතු කිරීමේ දී මනා වගකීම, සම්බන්ධීකරණය හා කළමනාකරණය සෘජු ව බලපාන බව ද අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා මේ බව කීවේ මෙරට රජයේ රෝහල් පද්ධතිය වෙත කිසිඳු හිඟතාවයකින් තොර ව අඛණ්ඩ ඖෂධ සැපයුමක් ලබාදීම ප්‍රමුඛ අරමුණ කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ය.

දේශබන්දුව හොයාගෙන මගේ ගෙදර ඇවිත් – කතරගම බස්නායක නිළමේ

දේශබන්දුව හොයාගෙන මගේ ගෙදර ඇවිත් – කතරගම බස්නායක නිළමේ

සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයුම් අංශය, මුදල් අමාත්‍යාංශය, ඖෂධ සැපයුම්කරුවන්ගේ වාණිජ මණ්ඩලය, බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය යන ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ හමුව පැවැතිවිණි.

ඉෂාරා ලංකාවේ ඉන්න බවට විශ්වාසයිලු!

ඉෂාරා ලංකාවේ ඉන්න බවට විශ්වාසයිලු!

මෙහි දී ප්‍රසම්පාදන ක්‍රියාදාමය සවිමත් කිරීම, අඛණ්ඩ ඖෂධ සැපයුමක් රජයේ රෝහල්වල පවත්වාගෙන යාම, ගෝලීය ගැටලු මත සැපයුම් ජාලය අඩාල වීමට බලපාන ගැටලු, ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම, ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය කඩිනමින් මෙරටට ගෙන්වීම යන කරුණු පිළිබඳව පූර්ණ අවධානය යොමු කරමින් ඒ හා බැඳුණු අනෙකුත් කරුණු සහ ගැටලු පිළිබදව ද මෙහි දී සාකච්ඡා විය.