වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ දීමනා.. - සම්පූර්ණ විස්තරය මෙතනින්..

Report

ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ දීමනා.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Disability Elderly Kidney Allowances Are Higher

ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා ද, රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ නැංවෙයි.

මේ අතර දැනට අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනාගැනීමට නියමිතයි.

ඉන් පසු ඔවුන්ට ද මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබාදීමට නියමිතය.

එමෙන්ම, මාර්තු මස 31 අවසන් වීමට නියමිතව තිබූ අස්වැසුම ප්‍රතිලාභ යටතේ අවදානමට ලක් වූ සහ සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් දෙසැම්බර් මස 31 දක්වා සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ දැනට සංක්‍රාන්තික කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් ද අවදානමට ලක් වූ කණ්ඩය සඳහා රුපියල් 5,000ක දීමනාවක් හිමි වූ අතර ඉදිරියේ දී එම කාණ්ඩ දෙක එක්කොට පවුල් ලක්ෂ 8ක පිරිස එකම අවදානමට ලක් වූ කාණ්ඩය සේ සලකා රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙන බවයි.