ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීමට කැබිනට් අනුමැතිය

Report

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා ඇති බව වාර්තා වේ.

දැනට පුරප්පාඩුව පවතින මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සුදුසු නිලධාරියෙකු තෝරා පත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ සුදුසුකම් ඇති නිලධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ.

පද්මේ ගැන කියන්න ආපු නාමල් CIDයෙන් පිටව යයි

පද්මේ ගැන කියන්න ආපු නාමල් CIDයෙන් පිටව යයි

ඒ අනුව පැවති සම්මුඛ පරීක්ෂණයේදී ඉහළම ලකුණු ලබා ගත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී අයි. ජේ. අබේරත්න මහත්මිය මෙම තනතුරට සුදුසු බව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය නිර්දේශ කර ඇත.

මෙම නිර්දේශය මත, අයි. ජේ. අබේරත්න මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම පිණිස, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක් - කාන්තාවක් මරුට

කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක් - කාන්තාවක් මරුට