මම මහ පිනක් කරලා තියෙනවා රත්තරං ඔයා වගේ සැමියෙක් ලබන්න.. ලෙඩ ඇදේ හිටපු දිනිතිගෙන් සංවේදී සටහනක් [PHOTOS]
ටික දවසකට කළින් දිනිති වල්ගම අසනීපෙන් කියන පුවත සමාජ මාධ්‍ය පුරාම දැක ගන්න ලැබුණනේ.
ඒකට හේතුව කලා තරු විදිහට දිනිති සහ ඇගේ සැමියා සංගීත් වටේත් මේ වන විට විශාල රසික පිරිසක් එක් රොක් වෙලා සිටීම.
ඉතින් මේ ආදරණීය යුවළ ගැන කොයි වෙලෙත් අවධානෙන් ඉන්න, දිනිතිට ඉක්මන් සුව පතපු ඔවුන්ගේ රසිකයින්ට ඔන්න දිනිති පුංචි සටහනක් තියලා.
ඉතින් දිනිති ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණේ,
"මම ගෙදර ආවා. Hospital හිටපු දවස් දෙකට මට තේරුනේ අනේ මම කොච්චර මිනිස්සු හම්බ කරලද කියලා. ඒ ආදරේට මහ මෙරක් ආදරෙයි මං. එක මොහොතක් තනිකමක් දැනුනෙ නෑ. සැපේදි මගේ ලඟ ඕන තරම් අය හිටියා. හැබැයි දුකේදි ඊටත් වඩා අය මගේ ලඟ ඉන්නවා කියලා දැනුනම තියෙන සතුට කියන්න වචන නෑ. ඒක මට මහ හයියක්. මාව බලන්න ආපු, මට කෑම උයාගෙන ආපු, මට හයියක් උන හැමෝටම මම ජාති ජාතිත් ණයයි. Calls messagesවලට ඉක්මනින් reply කරන්නම් හොඳේ. තාම සුට්ටක් recover වෙන ගමන් ඉන්නෙ. මම මහ පිනක් කරලා තියෙනවා රත්තරං ඔයා වගෙ husband කෙනෙක් ලබන්න. උදේ 4ට නැගිටලා මට ඕන කෑම ටික හදලා බෙහෙත් ටික වෙන් කරලා වැඩට ගිහින් ආයෙ ඇවිත් මගේ හැම දේම හොයලා බලලා, කොහොම මාව දරා ගන්නවද කියලා මටවත් තේරෙන්නෙ නෑ. ආදරෙයි කියන්න බැරි තරම්. හැම ගැහැනියකටම ඒ වගේ husband කෙනෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි. පින්"
මේ දවස්වල රටම කතාවෙන නෙහාරා බලන්නකෝ බඩත් උස්සන් කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා - දියණිය ගැන සංවේදී සටහනක්
