ශාෆ්ටර් ඝාතන සැකය යළි මතුවෙයි.. සිරුර ගොඩ ගන්නත් ඉල්ලයි..

By Sithumi May 19, 2023 06:16 PM GMT
Report

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අවසර ඉල්ලා තිබෙනවා.

පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය කොළඹ  අතිරේක මහෙස්ත්‍රාත්වරියගෙන් විසින් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අධිකරණය එම ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා නියෝගයක් නිකුත් කිරීම සඳහා නඩුව ලබන 25වනදා කැඳවීමට දින නියම කර තිබුණා.