පාසල් හැරයන දරුවන් ගැන අගමැතිගේ අවධානය යොමුවෙයි..

Report

ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

දරුවන්ට සමාජයේ අයිතිවාසිකම් භුක්ති විඳීමට සහ අනාගත සමාජයේ පුරවැසියන් ලෙස ඉටු කළ හැකි ඔවුන්ගේ කාර්යභාරය බවට පරිවර්තනය වීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි බව අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එවැනි නීතිමය බාධා ඇත්නම් එම බාධා ඉවත් කළ යුතු බවයි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ලෝක ළමා දින උත්සවය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පාසල් හැර යන දරුවන් විශාල ප්‍රමාණයක් සිටින නමුත් අවධානය යොමු වී ඇත්තේ විභාග සමත් සහ අසමත් දරුවන් කෙරෙහි පමණක් බවයි.