දිමුත්ට විශේෂ කැදවීමක්..!
By Sewvandhi
ශ්‍රී ලංකා මූලික සංචිතයට එළඹෙන ජූනි මාසයේ ආරම්භවීමට එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ව ඇතුළුකර ඇති බව වාර්තා වෙයි.
ඊට හේතුව මීට පෙර නම් කළ 30 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට එක්කර සිටි කුසල් ජනිත් පෙරේරා මේ දක්වාත් ඔහුගේ ආබාධ තත්ත්වයෙන් පූර්ණ සුවය ලබා නොසිටීමය.
කෙසේ වෙතත් දිමුත් කරුණාරත්නව මූලික සංචිතයට එක් කළද, කුසල් පෙරේරාව එම සංචිතයෙන් පූර්ණ වශයෙන් ඉවත් කර නොමැති බවද වාර්තා විය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |