දිලිත් සමග එක්වූ හිටපු ඇමති දිලුම්ට, ඉහළම තනතුරක් දෙයි..!
By Sewvandhi
අද (25) ,හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත්කෙරුණි.
ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතින් ලබාගත්තේය.
මෙහිදී අදහස් දක්වමින් මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, මව්බිම ජනතා පක්ෂයේ වැදගත් සංධිස්ථානයක් බවට අද දිනය පත්වූ බවය.
"දිලුම් අමුණුගම සොහොයුරා අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අපේ පක්ෂයේ, ජාතික සංවිධායක විදියට."