හෙට ශ්‍රී ලංකාවේ ප්‍රබල බලාපොරොත්තුවක් අහිමි වෙයි..
ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ට බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි තරග අහිමි වී තිබෙනවා.
දෙවන එක්දින තරගය අතරතුර ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරග අහිමි වූ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
ආබාධ තත්ත්වය සුව අතට පත්නොවීම හේතුවෙන් ඩිල්ෂාන් මධුෂංක තෙවන තරගයට සහභාගී නොවන බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.
දෙරට අතර තීරණාත්මක අවසන් එක්දින තරගය හෙට (18) පැවැත්වීමට නියමිතයි.