''විරුද්ධ දේශපාලන මත දරණ අයට දඬුවම් කිරීමේ ක්‍රමවේදයට දැන් යනවා වගේ '' දිලිත්ගෙන් අනතුරු ඇගයීමක්
ආණ්ඩුව විසින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සියලු බලවේග මේ වනවිට අමනාප කරගෙන තිබෙන බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජමහා විහාරයට අද (11) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.
තව දුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
. "යන යන හැමතැනම කරුණු දෙකක් ඉදිරිපත් වෙනවා. යම් හෝ ආධාරයක් දෙවානම් ඒක සම්පූර්ණ දේශපාලන පදනම මත දෙනවා කියන චෝදනාව. ඒක තවත් දරුණුම කාරණාව තමයි විරුද්ධ දේශපාලන මත දරණ අයට මේ දඬුවම් කිරීමේ ක්‍රමවේදයට තමයි දැන් යනවා වගේ පෙන්නේ. වැදගත්ම කාරණය තමයි. ජනාධිපතිවරයා මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ලබාදුන්නා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ටකරමක් ගියත් අපි ලක්ෂ 5ක් දෙනවා කියලා. දැන් ජනාධිපතිවරයා මතක තියාගන්න ඕනේ එතුමා වේදිකාවල කතාකරන අනුර කුමාර නොවන බව ඇත්තම කිව්වොත් මේ වෙලාවේ රජය ආණ්ඩුව සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සියලුමදෙනා අමනාප කරගෙන ඉන්නේ. විපක්ෂය මේ වෙලාවේ තමයි එකමුතුව එක්ව හඬක් නගන්නට ඕනේ. ඒක තමයි මම යෝජනා කරන්නේ. අඩුම තරමේ මේ මැයි දිනයේදීවත් මේ රජයට එක් හඬකින් කියන්න ඕනේ මේක ඉදිරියට කරගෙන යන්න බැහැ කියලා"