දිලිත්ගෙන් විශේෂ නත්තල් දින සුබපැතුමක්

Report

සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා නත්තල් පණිවුඩයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සියලූම බෙදීම් අමතක කර, සහෝදරත්වයෙන් සියල්ලන් වැලඳගැනීම සහ සිය විමුක්තිය උදෙසා ධනාත්මක චින්තනයෙන් සහ වීර්යයෙන් කටයුතු කිරීම ජේසුස් වහන්සේ ලොවට රැගෙන ආ පණිවුඩ අතර ප්‍රමුඛ වෙන බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

නත්තල් දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ජේසුස් වහන්සේ ලොවට රැගෙන ආ පණිවුඩය තුළ ගැබ්ව පවතින්නේ මානව සමාජයේ උන්නතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් බවය.

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන් විසින් ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත සමරන නත්තල් දිනයේ දී ජේසු සමිඳාණන් විසින් දේශනා කළ හා සිය පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ ආදරය, කරුණාව, මනුෂ්‍යත්වය සහ වීර්යය වැනි උතුම් ගුණාංග පිළිහිඹු කරන බව ද දිලිත් ජයවීර මහතා නිකුත් කළ නත්තල් සුබපැතුම් පණිවුඩයෙහි වැඩිදුරටත් ඔහු සදහන් කර තිබේ.

ජේසුස් වහන්සේ ලොවට විදහා දැක්වූ උතුම් ගුණාංග අපගේ පුද්ගලික ජීවිතයටත්, රටක් ලෙස සාමූහිකවත් අප උකහා ගත යුතුව ඇති අතර, ශ්‍රී ලංකාවාසී සහ ලෝවාසී සියලූම කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරන බව ද ඒ මහතාගේ නත්තල් දින පණිවුඩයේ දැක්වේ.

අසිරිමත් නත්තල වෙනුවෙන් විපක්ෂනායකගේ නත්තල් සුබ පැතුම් පණිවිඩය

අසිරිමත් නත්තල වෙනුවෙන් විපක්ෂනායකගේ නත්තල් සුබ පැතුම් පණිවිඩය