කෝප් කමිටුවෙන් තවත් ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි..!
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ ආරම්භයත් සමඟ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පෙරේදා (19) පළමුවරට රැස් වූ අතර ඒ එහි නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
ඒ, එහි සාමාජිකයින් 30න් හත්දෙනෙකුම ඉල්ලා අස්වී තිබූ පසුබිමකයි..
වසන්ත යාපා බණ්ඩාර සහ දුමින්ද දිසානායක සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මේ වනවිට මන්ත්‍රීවරු 10 දෙනෙකු නව සභාපතිවරයාට විරෝධය පළ කරමින් කෝප් කමිටුවෙන් ඉවත්ව ඇත.