ඩයනා ගමගේ පාස්පෝර්ට් එක භාර දෙයි...
By Parami Dissanayake
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය, පසුගියදා ඇයට ලබාදී තිබූ අධිකරණ නියෝගයට අනුව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට භාරදුන් බවට වාර්තා වෙයි.
පසුගිය 08 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ , රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කරමින් සිටි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ය.
ඒ ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බව සඳහන් කරමින් ය.
එමෙන් ම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් ද අදාළ තීන්දුවේ සඳහන් වෙයි.