ඩයනා, රෝහණ සහ සුජිත්ට පාර්ලිමේන්තුව තහනම් වුණත් ලැබෙන විශේෂ අවස්ථාව මෙන්න.
පසුගිය දා පාර්ලිමේන්තු පරීශ්‍රයේ දී ඇති කරගත් ගැටුම සම්බන්ධයෙන් ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත ඡන්ද විමසීමකින් අනතුරුව අද (02) පෙරවරුවේ ඔවුන්ට මාසයක පාර්ලිමේන්තු තහනමක් පනවනු ලැබීය.
නමුත් නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාරට පාර්ලිමේන්තු අත්හිටුවීම තිබියදීත් අයවැය සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ කියා සිටියේ මේ මස 13 වනදා පස්වරු 6ට පැවැත්වෙන අයවැය තුන්වර වර කියවීමේ ඡන්ද විමසීම සදහා ඔවුන් තිදෙනාට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි බවයි.
වැඩිදුර තොරතුරු පහතින්,