ඩයනාට හිරබත් කන්න වෙන ලකුණු..නඩු හතක් සම්බන්ධයෙන් අද නිකුත් කළ විශේෂ නියෝගය..!
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ,හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩු 7කට අදාළ සාක්ෂිකරුවන්ට ලබන 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කර තිබේ.
ඇයට එරෙහිව අදාළ නඩු ගොනු කර තිබුණේ, අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙනි.
විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව අදාළ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින ආගමන හා විගමන පාලක හෝ ඔහුගේ නියෝජිතයකු සහ තවත් පාර්ශ්වකරුවන් කිහිපදෙනෙකු වෙත මෙම නොතීසි නිකුත් කර තිබේ.
අදාළ නඩු ලබන 24 වනදා විභාගයට ගැනීමට නියමිතය