රට නැවත ගොඩනැගීමට ඩයලොග් සමාගමෙන් රු. මිලියන 420ක්

Report

මෙරටට බල පෑ අයහපත් කාලගුණය හේතුවෙන් පසු බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වීම සඳහා ඩයලොග් සමාගම විසින් රුපියල් මිලියන 420 ක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට ඊයේ (05) අත්සන් කර තිබේ.

ඒ අනුව හලාවත දිස්ත්‍රික් මහ රෝහල, කොත්මලේ ප්‍රාදේශීය රෝහල, මඩුල්කැලේ ප්‍රාදේශීය රෝහල මෙන්ම පුත්තලම මූලික රෝහලේ පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ ආපදාවට ලක් වූ පාසල් 20 කට වැඩි ගණනක පරිගණක විද්‍යාගාර ප්‍රතිසංස්කරණය කිරීම මෙමගින් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම අවස්තාව සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සම්බන්ධ වී තිබේ.

තවද සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ඩයලොග් ආයතනය නියෝජනය කරමින් පිරිසක් මේ සදහා එක්ව ඇත