ඩයලොග් - එයාටෙල් ලොකු පෙරළියක් .- එයාටෙල් - ඩයලොග් අතට යයි.

By Wayomi Apr 18, 2024 11:00 AM GMT
Report

ඩයලොග් ආසිආටා පීඑල්සී ("Dialog"), ආසිආටා බර්හාඩ් සමූහය ("Axiata") සහ භාරතී එයාර්ටෙල් සමාගම (“Bharti Airtel”) (යන "පාර්ශ්ව") ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුම්, අත්සන් කර තිබෙනවා.

මේ යටතේ භාරතී එයාර්ටෙල් සමාගමේ සමස්ත කොටස් නිකුතුව ඩයලොග් සමාගම විසින් මිලදී ගනු ලැබුවා.

ඊට Dialog සමාගමේ කොටස් ප්‍රමාණයෙන් 10.355% ක ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් සමාගම වෙත ඡන්ද අයිතිය හිමි සාමාන්‍ය කොටස් හරහා නිකුත් කිරීමට නියමිතයි.

ඒ, අනුව මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඩයලොග් සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතිය සහ කොළඹ කොටස් හුවමාරුවේ (CSE) නිෂ්කාෂණ හා අනෙකුත් නියාමන ක්‍රියාවලීන්ද, කොටස් විකුණුම් ගිවිසුමෙහි සඳහන් නිශ්චිත කොන්දේසිද සපුරාලිය යුතු වෙනවා.

දිවයිනේ විදුලි සංදේශ ක්ෂේත්‍රයෙහි උන්නතිය වෙනුවෙන් ඇති ඉදිරි දැක්මට අනුකූලව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), සමාගම් දෙක අතර මෙම යෝජිත ඒකාබද්ධ කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

සමාගම් දෙක මෙලෙස ඒකාබද්ධ කිරීමෙන්, පිරිවැය වාසි සැලසෙන අතර, විදුලි සංදේශ යටිතල පහසුකම් ඒකාබද්ධ කර වඩාත් ශක්තිමත් කිරීමට ද හැකි වේ. එමගින්, අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා, ඇමතුම් හා අමතර සේවාවන් තාක්ෂණිකව වැඩිදියුණු වන අතර, පිරිවැය ඉතිරිය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩි කිරීමටද ඉවහල් වනු ඇති බව සඳහන්.