ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ඩයලොග් ආසියාටා PLC සමගින් ඒකාබද්ධ කිරීමට, භාර්ති එයාර්ටෙල් ලංකා (පුද්) සමාගම තීරණය කර ඇත.
මෙම ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින් ඩයලොග් සමාගමේ අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පවසා ඇත්තේ, අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශ්ව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.
එමෙන්ම ඔහු කොළඹ කොටස් වෙළඳපොළට වැඩිදුරටත් සදහන් කර ඇත්තේ, යෝජිත ගනුදෙනුව සඳහා නිශ්චිත ගිවිසුම් අත්සන් කිරීමට සහ අදාළ නියාමන සහ කොටස්හිමියන්ගේ අනුමැතිය ඇතුළුව අවශ්‍ය අවසන් කොන්දේසිවලට යටත් වනු ඇති බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |