මෙවර මැතිවරණය ජය ගන්නේ ජාතික ජන බලවේගයයි- දේවානන්ද සුරවීර

By Dilasha Mar 31, 2025 11:40 PM GMT
Report

ආණ්ඩුවට මාස හතරක් සහ ජනාධිපතිවරයාට මාස හයක් පමණක් ගතව ඇතත් සියලු දේ කළහැකි බව වත්මන් ආණ්ඩුව ඔප්පු කර ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කරයි.

වර්තමාන ආණ්ඩුව ලයින් එකකට වැටී ඇති බව ජනතාවට තේරුම් ගෙන ඇති බවද මෙවර මැතිවරණය ජයගන්නේ තම පක්ෂය බවත් කිසිදු සැකයකින් තොරව පළාත් පාලන ආයතනවල බලයද ජාතික ජන බලවේගයට ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය