දෙවුන්දර ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Report

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 29 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අද (23) පොලීසියට අවසර ලබා දී ඇත.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින අතර, ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම අවසරය හිමි විය.