පිං සිතින් ඇරඹුනු දෙව්නිමෝරී සවර්ඥ ධාතු ප්‍රදර්ශනය සාර්ථකව අවසන්
සැදැහැවතුන් අති විශාල පිරිසක් වන්දනාමාන කළ දෙව්නිමෝරී සවර්ඥ ධාතු ප්‍රදර්ශනය සාර්ථකව අවසන් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව දෙව්නිමෝරී සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම සිදු කෙරුණේ පසුගිය 4 වනදා නිදහස් දිනයේදීය.
කටුනායක ගුවන් තොටුපළේ දී සර්වඥ ධාතූන්වහන්සේ සහ ඉන්දීය දූත පිරිස පිළිගෙන ආගමික වතාවත්වලින් පසු හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට වැඩම කරවා තිබේ .
එහි විශේෂ මණ්ඩපයක සර්වඥ ධාතූන්වහන්සේ තැන්පත් කරනු ලැබුවේ ආගමික වතාවත් මධ්‍යයේයි. පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ නිරාවරණය කොට ප්‍රථම පූජෝපහාරය පුදකොට වන්දනාමානයට අවස්ථාව උදා කර තිබුණි.
අද උදෑසන තෙක් සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ඇත.
ඉතාමත් භක්තියෙන් සැදැහැවතුන් දිගු පෝලිම්වල රැඳී සිට ජනතාව ධාතුන් වහන්සේ වැඳපුදා ගනු ලැබීය.
අද පෙරවරුවේ සිදුකෙරුණු විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව සර්වඥ ධාතුන් වහන්සේ ගංගාරාම විහාරස්ථානයේ සිට ඉන්දියාවට වැඩම කරවීමටයි.
කටයුතු කරනු ලබයි ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ගම වන ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේ දී 60 දශකයේ සිදුකළ කැණීම්වලින් මෙම සර්වඥ ධාතුන් වහන්සේ සොයා ගෙන තිබේ.
තවද ක්‍රිස්තු වර්ෂ දෙවන සහ තුන්වන සියවස්වලට අයත් බුදු දහමට අයත් බොහෝ කෞතු වස්තු සමග ස්ථූපයක් සොයා ගෙන තිබේ.
බුදුරාජාණන් වහන්සේගේ මෙම සර්වඥ ධාතුන් වහන්සේ ඉන්දියාවෙන් පිටතට වැඩම කර වූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.