කාර්යාලය පිරිසිදු කිරීමට ගිය සංවර්ධන නිලධාරිනිය විදුලි සැර වැදී මරුට - 37 හැවිරිදි නිලධාරිනියට අවාසනාවන්ත ඉරණමක්

By Malith Madushan Aug 31, 2026 04:19 AM GMT
Report

යාපනය, උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නිරතව සිටි 37 හැවිරිදි සංවර්ධන නිලධාරිනියක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ නිශාන්තන් සින්දුප්‍රියා නමැති 37 හැවිරිදි කාන්තාවකි.

ඵලදායිතා පරීක්ෂණ කණ්ඩායමක් කාර්යාලයට පැමිණීමට නියමිතව තිබීම හේතුවෙන් කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ලැබුණු වට්ස්ඇප් පණිවිඩයකට අනුව ඇය ඊයේ (30) පස්වරුවේ කාර්යාලයට පැමිණ ඇති බව සඳහන් වේ.

එම අවස්ථාවේදී කාර්යාල පරිශ්‍රයේ පිහිටි ඔසු උයනට ජලය සපයමින් සිටියදී ඇයට විදුලි සැර වැදී ඇති බව පොලිසිය පවසයි. විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

විදුලි සැර වැදීමෙන් පසු ඇය කඩිනමින් තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇතත්, රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ ඇය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි. සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළට? තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ පාන් මිල තීරණාත්මකයි

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළට? තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ පාන් මිල තීරණාත්මකයි

පෙට්‍රල් මිල පහළට - මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි - ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

පෙට්‍රල් මිල පහළට - මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි - ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්