ඉදිරි මාස කිහිපයේ දී පාසල්වල වෙන අලුත් වෙනස.. හැබැයි මෙහෙමයි..

Report

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඉදිරි මාස කිහිපයේ දී පාසල්වල වෙන අලුත් වෙනස.. හැබැයි මෙහෙමයි.. | Development Of 1250 Schools As Friendly Schools

ඒ ඉදිරි මාස කීහිපයේ දී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එකම ජාලයකට ගන්නා බවයි.

ඒ, සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 1-6-10 ශ්‍රේණි සඳහා ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව අධ්‍යාපන ක්‍රමවේදයට අදාළ නියමු ව්‍යාපෘතියේ කටයුතු අවසන් අදියරට ළඟා වී ඇති බවයි.

එයට අවශ්‍ය ඉගෙනුම් මොඩ්‍යුලර් සදා අවසන් කර ඇති අතර, එම මොඩ්‍යුලර් පොත් ඉදිරි සති දෙක තුළ මුද්‍රණයට භාරදීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

ඒ, සඳහා අවශ්‍ය පුහුණුකරුවන් මෙන්ම ගුරුවරුන් ද පුහුණු කිරීමේ අභියෝගය ජයගත යුතුව ඇතැයි ද කී අමාත්‍යවරයා මෙම වෙනස සිදු නොකළහොත් තව වසර දහයක් තුළ පාසලෙන් නික්මෙන දරුවන් අභියෝගවලට මුහුණ දිය නොහැකි පිරිසක් ම වනු ඇතැයි ද සඳහන් කළේ ය.