මත්ද්‍රව්‍යත් සමග ඇල්ලූ කවුද මේ ජනප්‍රිය ටෙලි නළුවා..කවුරුත් හීනෙන්වත් නොසිතූ පැටිකිරිය එළිවෙයි..

Police spokesman Sri Lanka Police Investigation Actors Sri Lankan Actor Latest Headlines
By Sewvandhi Oct 07, 2024 04:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගියදා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව ඇත්තේ තණමල්විල,බළහරුව, ගගේයාය පදිංචි 26 හැවිරිදි එදිරිසිංහ ආරච්චිගේ අසංක නම් ටෙලි නාට්‍ය නළුවායි.

වාර්තා වෙන්නේ, අත්අඩංගුවට පත්වීමේදී ඔහු තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට රුපියල් ලක්ෂ 10ක් අල්ලස් මුදලක් ලබාදී අත්අඩංගුවෙන් මිදීයාමට උත්සාහ කළ බවයි

අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ මස 11 වන දින දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සදහා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය තණමල්විල පොලිසියට අවසර ලබා දි තිබෙනවා.. .

මෙම වැටලීම සැකකරු සම්බන්ධයෙන් තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරායට ලද පුද්ගලික තොරතුරටකට අනුව සිදුකර තිබූ අතර එහිදී සැකකරු 04 වන දින රාත්‍රි තණමල්විල බලහරුව ප්‍රදේශයේදී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 300ක් අලෙවි කිරිමට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 සැකකරු වෙනුවෙන් එම අවස්ථාවේදිම නිතිඥවරයෙකුද පොලිස් ස්ථානයට පැමිණ සැකරුට සහාය ලබා දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මුලික පොලිස් පරික්ෂණවලදි අණවරණය වි ඇත්තේ, අත්අඩංගුවට පත් සැකකරුට මීට පෙරද තලෛයි මන්නාරම ප්‍රදේශයේ රුපියල් කෝටි 4ක අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ලව නඩු කටයුතු පවත්වාගෙන යන අතර අයතා වත්කම් ඉපැයිම සම්බන්ධ විමර්ෂණයක්ද පවතින බවයි.

සැකකරු 05 දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරිම සදහා මේ මස 11 වන දින දක්වා රැදවුම් නි‍යෝග ලබාගෙන තිබෙනවා.

තණමල්විල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශණ පවත්වනු ලබනවා..