මට හිනා යනවා...මේ කතාවලට...

Sri Lanka Police Sri Lanka Politician Tiran Alles Deshabandu Tennakoon
By Akash Mar 17, 2025 02:09 PM GMT
Akash

Akash

Report

හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසන්නේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තමා විසින් සඟවාගෙන සිටින බවට සමාජ මාධ්‍යවල පළ වන වාර්තා සිනා යන විහිළුවක් බවයි.

ඔහු සඳහන් කළේ, එවැනි ප්‍රචාර මගින් රට හිනස්සන අය තමන් ගැන වැරදි අදහස් පතුරුවමින් සමාජය නොමග යවන බවයි.

එම වැරදි ප්‍රචාරවලට රැවටී නොයන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. දේශබන්දු තෙන්නකෝන් මහතා ටිරාන් අලස් විසින් සඟවාගෙන සිටින බවට සමාජ ජාලවල පළ වන වාර්තා පිළිබඳ විමසූ විට ඔහු මේ අදහස් පළ කළේය.

තමන් කිසිඳු අවස්ථාවක අපරාධයක් කළ පුද්ගලයෙකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බව ඔහු කියා සිටියා.

එමෙන්ම ඇතැම් පාර්ශව තමන් මත සිතා මතා චෝදනා එල්ල කරන බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට සිනා යන බවත් ටිරාන් අලස් මහතා තවදුරටත් සඳහන් කළා.

ReeCha