සතියක් හැංගුනු දේශබන්දු අද භාර වෙයි ද ?
By Gagana News
ධුරය අත්හිටුවීමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනයේ අධිකරණයට භාරවනු ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.
මාතර මහේස්ත්‍රාත් අධිකරණ විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබුණේ මාතර වැදගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තිබීමකින් පොලිස් නිලධාරියෙකු මිය යාමේ සිදුවීම සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගැනීමේ නියෝගයෙන් පසු දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා පොලිසිය විසින් ඔහු ඇතැයි සැක සහිත නිවාස හතරක් සෝදිසි කල නමුත් ඒ කිසිවක ඔහු සිටියේ නැත.