දේශබන්දුට ජීවිත තර්ජනයක්?

Report

ඊයේ (19) පෙරවරුවේ, විවෘත වරෙන්තු හරහා අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. මාසයකට ආසන්න කාලයක් සැඟවී සිටි ඔහුව අද (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි එහිදී මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස නියෝග කළේ. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, පොලිස්පතිගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළේ "දේශබන්දු සංවිධානාත්මක අපරාධකරුවෙකුට සමාන" යැයි පවසමින්.

ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, මෙහිදී දේශබන්දු වෙනුවෙන් පෙනී සිටියා. ඔහු පැවසුවේ, අභියාචනාධිකරණ සහන ප්‍රතික්ෂේප වූ පසු ඔහු වහාම උසාවියට පැමිණි බවයි.

"ඔහු තවමත් ශ්‍රී ලංකා පොලිස්පති. යුක්තිය මෙහෙයුමෙන් පාතාලයට එරෙහිව සටන් කළ නිසා ඔහුට ජීවිත තර්ජන තියෙනවා. එබැවින් ඔහුට ඇප දෙන්න" යැයි ඔහු ඉල්ලා සිටියා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ,

"ටයි කෝට් ඇඳගෙන බෙන්ස් එකකින් උසාවියට ඇවිත් බංකුවේ ඉඳගන්න බෑ. දින 20ක් සැඟවී, මෝසමකින් එළියට ආ ඔහු සුපිරි රංගන ශිල්පියෙක්. නිවසේ මත්පැන් බෝතල් 795ක් වගේම හැම්පර් 100කට වඩා හමුවුණා. ඒක ගෙයක් නෙමේ, ස්කාගාරයක්! ඔහුට ගෙවල් 8ක් තියෙනවා. ඇප දෙන්න එපා" යනුවෙන්.

කවුද මේ දේශබන්දු ?

කවුද මේ දේශබන්දු ?

මෙම නඩුව W15 වෙඩි තැබීම සම්බන්ධයෙන් නොව, "දිට්ඨ ධර්මවේදනීය කර්මය" ගැන සාක්ෂියක් වශයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා හඳුන්වා දුන්නා. මාතර උසාවියේ සිදුවූ මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දේශපාලන හා නීතිමය කතිකාවත තුළ සුවිශේෂී සලකුණක් බවයි දේශපාලන සහ සමාජ විචාරකයින්ගේ මතය වන්නේ.