දේශබන්දුගේ තනිය මැකෙන්න යන හිටපු ඇමති කව්ද?
හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට හෙට දිනයේ රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
මෙය වැලිගම W-15 වෙඩි තැබීමේ සිද්ධියට අදාළ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා වන අතර, ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා දන්නා බවට ඇති සැකය මත මෙම පියවර ගෙන තිබේ යැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම පරීක්ෂණයට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, අනෙකුත් සැකකරුවන්ට ඇප ලබා දී ඇති බවත් වාර්තා වේ.