දේශබන්දුගේ බිරිඳ නිසා ඖෂධ සැපයීමට බාධාවක් ඇති වෙයි ද? - නලින්ද කියන කතාව මෙන්න!

Sri Lanka Police Law and Order Deshabandu Tennakoon Nalinda Jayatissa
By Shehan Mar 19, 2025 09:24 AM GMT
Shehan

Shehan

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සැපයුම් කටයුතුවලට කිසිදු බාධාවක් ඇති නොවන බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ දින ගණනාවක් නිවාඩු ලබාගෙන සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ මාධ්‍ය විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

දේශබන්දු රිමාන්ඩ්...VIDEO

දේශබන්දු රිමාන්ඩ්...VIDEO

“ඇය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරිනියක ලෙස සේවය කරන අතර, එක් වරකදී නිවාඩු ලබාගෙන තිබුණා. ඉන්පසු ඇය සේවයට වාර්තා කර නැවතත් නිවාඩු ලබාගෙන තිබෙනවා.

වර්තමාන ක්‍රමවේදය අනුව ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට නොහැකියි. ඇයගේ නොපැමිණීම නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කටයුතුවලට බාධාවක් නොවන ලෙස, වැඩ බැලීමට නීති නිලධාරිනියක යොදවා කටයුතු පවත්වාගෙන යනවා.

එබැවින්, දේශබන්දුගේ බිරිඳ නිසා ඖෂධ සැපයීමට බාධාවක් ඇති වීමට ඉඩ නොතබනවා.”

ReeCha