විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ සිසුන්ට නිවේදනයක් නිකුත් කරයි...

Report

2021 උසස් පෙළ විභාගයේ නාට්‍ය හා රංග කලාව විෂයට අදාළ සිංහල සහ දෙමළ මාධ්‍ය ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 29 වනදා සිට මැයි මස 10 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, අයදුම්කරුවන් 4160 දෙනෙකු සිංහල මාධ්‍යයෙන් නාට්‍ය හා රංග කලාව, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නියමිත අතර, දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටින අයදුම්කරුවන් ගණන 2558ක්. එසේම, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ ගෘහ ආර්ථික විද්‍යාව විෂයන් වලට අදාළ පරීක්ෂණ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර, එම දිනයන් ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now