ඩෙංගු මරණ සංඛ්‍යාව තව තවත් ඉහළට...

By Parami Dissanayake Sep 17, 2024 02:02 PM GMT
Report

2024 වසරේ ජනවාරි 01 වනදා සිට ඊයේ (16) දක්වා කාලය තුළ ලංකාවේ ඩෙංගු රෝගීන් 38,088ක් වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රතිශතය 24.8% ක් බව ද වාර්තා වේ.

එමෙන්ම, සෞඛ්‍ය අංශ තීරණය කර ඇති පරිදි ප්‍රදේශ 10ක් අධි අවදානම් කලාප ලෙස ද නම් කර ඇත.

එමෙන් ම, මේ වසරේ ගෙවී ගිය කාලයේ ඩෙංගු රෝගය වැළඳීම නිසා මරණ 17ක් සිදු වී තිබෙන බව වාර්තා වේ.