රටම සලිත කරමින් මේ රෝගය උග්‍ර වෙයි - රෝගීන් උත්සන්න වීමත් සමඟ දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
මෙම මස ගතවූ දින 10 තුළ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 11,764 දක්වා වර්ධනය වී ඇති බව සඳහන්.
එසේම පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා ඇති ඩෙංගු අධි අවදානම් කලාප ගණන ද 175ක් දක්වා ඉහළ නංවා ඇති බව ද වාර්තා වේ.
ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය නිසා දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව 1,000 සීමාව ඉක්මවා ඇති අතර, ජූලි 6 වැනිදා 1,360ක්, ජූලි 7 වැනිදා 1,413ක්, ජූලි 8 වැනිදා 1,300ක්, ජූලි 9 වැනිදා 1,030ක් වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙනවා.
මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ජූලි 10 වැනිදා ඩෙංගු රෝගීන් 1,079ක් වාර්තා වී ඇති බවයි.
අන්දමන් දූපත්වල සුනාමි ඇති වුණොත් විනාඩි 40න් ලංකාවට එනවා එහෙම වුණොත් මිලියන 3.8ක මිනිස්සු.. ලංකාවම විනාස වෙන බවට අනතුරු ඇඟවීමක්
මේ සමඟ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,000 ඉක්මවා ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 47ක්.
එසේම ගතවූ ජූනි මාසයේදී මෙරටින් ඩෙංගු රෝගීන් 21,538 දෙනකු වාර්තා වුවද මේ වන විට ජූලි මාසයේ ගතවු මුල් දින 10 තුළ දී පමණක් ඩෙංගු රෝගීන් 11764 දෙනෙකු වාර්තා වීම බරපතළ තත්ත්වයක් වේ.
එවැනි තත්ත්වයක මේ වනවිට දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප ගණන 175 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්