ඩෙංගු අවදානම තවදුරටත් ඉහළට - මෙරට රෝගීන් සංඛ්‍යාව 87,000ට ආසන්න වෙයි

Report

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එම ඒකකයේ නවතම දත්ත අනුව, ඊයේ (03) වන විට රට පුරා ඩෙංගු රෝගීන් 86,947 දෙනෙකු වාර්තා වී තිබේ. අගෝස්තු මාසය තුළ පමණක් මේ වන විට ඩෙංගු රෝගීන් 1,598 දෙනෙකු හඳුනාගෙන ඇති බවද එම ඒකකය පෙන්වා දෙයි.

ගින්නෙන් විනාශ වූ රත්නපුර පොළට ගංවතුරෙනුත් බැට- ප්‍රතිසංස්කරණ නෑ, වෙළෙඳුන් අමාරුවේ

ගින්නෙන් විනාශ වූ රත්නපුර පොළට ගංවතුරෙනුත් බැට- ප්‍රතිසංස්කරණ නෑ, වෙළෙඳුන් අමාරුවේ

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 21.24%ක ප්‍රතිශතයකි.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,187ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,082ක් වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 62ක් වාර්තා වී ඇති අතර, එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 0.07%ක ප්‍රතිශතයක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

අධික වැසි නිසා ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අලුයම විවෘත වෙයි

අධික වැසි නිසා ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අලුයම විවෘත වෙයි

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...