ලංකාවම සලිත කරමින් ආපු අලුත්ම වාර්තාව - ගම්පහ, කොළඹ තත්ත්වය උග්‍ර අතට - මරණ 48 ක් සහ රෝගීන් 70,000ට ළංවෙයි
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ළංවී ඇති බවයි.
ඒ අනුව එම ඒකකය, ඊයේ (13) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 69,951ක් වාර්තා වී ඇති බව සඳහන් කළා.
එසේම ඉකුත් 12 වැනි දින වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 68,672ක් වන අතර ඒ අනුව ඊයේ (13) දිනට පමණක් රෝගීන් 1,279ක් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 36,795ක්.
එසේම බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 14,464ක් වශයෙන් සඳහන්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,004ක්ද වාර්තා වී ඇත.
මේ අතර ජූලි මාසයේ ගතවූ දින 13 තුළ රෝගීන් 14,572ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම වසරේ ගතවූ කාලය තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538කි.
මේ අතර ගම්පහ, කොළඹ, මාතර, කළුතර, මහනුවර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 175 ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කොට්ඨාස වශයෙන් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.