මඩකලපුවෙන් නරක ආරංචියක්

Report

ගංවතුර හා මෝසම් වර්ෂාවෙන් පසු මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු උණ සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනාගැනීමෙන් පසුව සෞඛ්‍ය සේවා නිලධාරීන් ප්‍රදේශයේ වැටලීම් රැසක් මේ වනවිට සිදුකර තිබෙන බව වාර්තා වේ.

ඒ වගේම නිවාස 400කට වැඩි ගණනක් ද මේ වනවිට පරීක්ෂාවට ලක්කර තිබෙන බව සදහන් කර ඇත.

එහිදී එම ප්‍රදේශයේ සිනමා ශාලාවකින් ඩෙංගු කීටයන් හඳුනාගෙන තිබෙන බවත් ඒ අනුව අදාළ චිත්‍රපට ශාලාවට එරෙහිව නඩුවක් පවරා ඇති වගත් වාර්තා වේ .

තවද ඩෙංගු උණ පැතිරීමේ ප්‍රවණතාවක් ඇති නිවාස හිමිකරුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත .

මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ බොහෝ ස්ථානවල නඩු පවරා රතු අනතුරු ඇඟවීමේ පත්‍රිකා ඇලවීමට ද කටයුතු කළ බවයි