දෙමෝදර ජනතාවට අනතුරු ඇඟවීමක් – ගින්නෙන් පසු කන්දේ ගල් පෙරළීමේ අවදානමක් මතුවෙයි

Report

දෙමෝදර ඇතුල්කන්ද ප්‍රදේශයේ ඇති වූ ගින්නෙන් පසු එම කන්ද පහළ පිහිටි නිවාස කිහිපයකට ගල් පෙරළීමේ අවදානමක් මතුව ඇති බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ගයාන් ඉන්දික මහතා පවසයි.

පසුගිය 16 වැනිදා රාත්‍රී 7.00ට පමණ ඇතුල්කන්ද ප්‍රදේශයේ ගින්න හටගෙන තිබූ අතර, පැය කිහිපයක් ඇතුළත ප්‍රදේශවාසීන් එක්ව ගින්න පැතිරීම පාලනය කිරීමට සමත් වූහ.

වතු සීමාවන් ආශ්‍රිතව පෙර සිට සකස් කර තිබූ ගිනි වැළැක්වීමේ පටි හේතුවෙන් ගින්න තේ වතු ප්‍රදේශ වෙත පැතිර යාම වළක්වා ගැනීමට හැකි වූ බවද වාර්තා වේ.

මේ අතර, ඉදිරි වර්ෂා සමයත් සමඟ කන්ද ආශ්‍රිතව ගල් පෙරළීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා නිලධාරී කණ්ඩායමක් එම ප්‍රදේශයට යොමු කිරීමට පියවර ගන්නා බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධානී භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා මහත්මිය සඳහන් කළාය.

වී අලෙවි මණ්ඩලයෙන් ගොවීන්ට විශේෂ දැනුම්දීමක් - වී මිලට ගත් ප්‍රමාණය හා මිල ගණන් ගැන දැනුම්දීමක්

වී අලෙවි මණ්ඩලයෙන් ගොවීන්ට විශේෂ දැනුම්දීමක් - වී මිලට ගත් ප්‍රමාණය හා මිල ගණන් ගැන දැනුම්දීමක්

දියලුම අසල මාවෙලගම කඳු පංතිය ගින්නෙන් ගිනි ගනි - පරිසරයට දැඩි හානි

දියලුම අසල මාවෙලගම කඳු පංතිය ගින්නෙන් ගිනි ගනි - පරිසරයට දැඩි හානි