ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඉල්ලා අස් වේ...
By Parami Dissanayake
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස් වීම සඳහා එම පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
වර්තමාන දේශපාලන තත්ත්වය තුළ සාකච්ඡා කරගත් පරිදි ඉලක්ක සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සෙසු සහෝදරයන් දක්වන අකමැතත මත තමාගේ මෙම තීරණය ගැනීමට හේතු වූ බව නිරෝෂන් ප්‍රේමරත්න මහතා පෙන්වා දෙයි.