ආණ්ඩු පක්ෂය තමයි වඩාත්ම දූෂිතම දේශපාලන පක්ෂය'
' ජනතා විමුක්ති පෙරමුණ තමයි ලංකාවේ වඩාත්ම දූෂිතම දේශපාලන පක්ෂය. පක්ෂ අරමුදල කියලා නමක් දාලා, සහෝදරයෝ කියලා සල්ලි දෙන අයට තව නමක් දාලා, මේ ගණුදෙනුව දිගටම කරගෙන යනවා. එදා තිබුණ නිර්ධන පාන්තික පක්ෂය නෙමෙයි දැන් තියෙන්නේ. ඔවුන් සියලු ධනපති පක්ෂ වලට වඩා ධනපතීයි දැන්, පොඩි මිනිහා ගැන කිසිම සැලකිල්ලක් නෑ, පොඩි මිනිහා නැති වෙලා තියෙන්නේ, අනාගතයේ මීටත් වැඩිය නැතිවෙන්න නියමිතයි යැයි ' සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දිලීත් ජයවීර මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, ඉපලෝ ගම, මහමීගස්සෑගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.මෙම අවස්ථාවට එම පක්ෂයේ නියෝජ්‍යය නායක එස්.එම් චන්ද්‍රසේන මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී ටී.එම් සිරිපාල මහතා හා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉපලෝගම ප්‍රාදේශීය සභාව සඳහා තරඟකරන සර්ව ජන බලය පක්ෂයේ අපේක්ෂක මහත්ම මහත්මීන් ඇතුළු පාක්ෂිකයින් සහභාගී වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලීත් ජයවීර මහතා,
' සර්ව ජන බලය පක්ෂය ලෙස මෙවර පළාත් පාලන මැතිවරණය ඉදිරිපත් වන්නේ ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් මෙතෙක් කල් ඉතිහාසයේවත් ඉදිරිපත් නොකරපු නිශ්චිත වැඩපිළිවෙලක් එක්ක.මෙම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන වෙනත් සියලුම පක්ෂ ඉදිරිපත් වෙන්නේ සාම්ප්‍රදායික කතාව කියලා, අපිට බලය දෙන්න, සමහරු කියනවා ගමේ බලය ආපහු දෙන්න, නැගිටින්න දෙන්න, නැවත නැගිටිමු, ඒ වගේ ඒවත් කියනවා, හැබැයි නැගිටලා මොකක්ද කරන්නේ කියලා කියන්නේ නෑ, තවත් අය කියනවා දැන් ජනාධිපතිකමත් දුන්නා, පාර්ලිමේන්තුවත් දුන්නා දැන් මේකත් දෙන්න, නැත්තන් බලාගන්න පුලුවන් අපි සල්ලි දෙන්නේ නෑ, දැන් එහෙම ඒවත් කියනවා.
ඒවා අදාළ නෑ ඉතින්.මහ ආණ්ඩුවෙන් සල්ලි අවශ්‍යයත් නෑ, දෙන්නත් බෑ, නීත්‍යාණූකූලව එහෙම ක්‍රමවේදයකුත් නෑ. මේ පළාත් පාලන ආයතන නිවැරදිව කළමණාකරනය කළොත් ආණ්ඩුවේ මුදල් අවශ්‍යය නෑ. අත්දැකීම් තියෙන අය දන්නවා.
අපේ සංකල්පය වන සර්ව ජන සභාව පිහිටුවීම කියන සංකල්පය තුළ කොහොමද වෙනදා පළාත් පාලන ආයතනයෙන් කරපු වැඩේට අමතරව අවශ්‍යය වෙන ගමේ දියුණුව කියන සංකල්පය අපි ගේනවා.ගමේ දියුණුව කොහොමද අපි කරන්නේ ? ගම දියුණු කරන්න නම් මොකක්ද අපි කරන්න අවශ්‍යය ? දැන් මොකක්ද කලින් නොකර අපි අලුතින් කරන්න යන දේ, එහෙනම් ඇයි කලින් දීපු අයට නොදී, සර්ව ජන බලය ගැන සැලකිලිමත් වෙන්න ඕන . සැලකිල්ලක් දක්වන්නට ඔ්න, පදක්කම ඉදිරියේ කතිරය ගහන්න ඔ්න ඇයි කියලා ඉතාම පැහැදිලිව අපි ඉදිරිපත් කරලා තියෙනවා.

‘අම්මේ මට සමාවෙන්න! මල්ලිව හොඳින් බලා ගන්න...! දිවිනසා ගන්න කලින් සබරගමු සරසවි සිසුවා ලියුමක් ලියලා!
ගමේ පවුල් වලට, ජීවිත වලට දැනෙන වෙනසක් ප්‍රවේශයක්, වැඩක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ගොල්ල ආපහු බලය ඉල්ලනවා මේ පළාත් පාලන ආයතන වල තියෙන දූෂණය නවත්වන්න.පලාත් පාලන ආයතන වල නෙමෙයි ලංකාවේ හැම ආයතනයකම දූෂණය තිබුණා සහ දූෂණය තියෙනවා.ජනතා විමුක්ති පෙරමුණ තමයි ලංකාවේ වඩාත්ම දූෂිතම දේශපාලන පක්ෂය. ඒක මම බොහෝම වගකීමෙන් කියන්නේ ප්‍රසිද්ධ වේදිකාවේ.ඒක මම දිගින් දිගටම කියාගෙන ඇවිත් තියෙනවා.පක්ෂ අරමුදල කියලා නමක් දාලා, සහෝදරයෝ කියලා සල්ලි දෙන අයට තව නමක් දාලා, මේ ගණුදෙනුව දිගටම කරගෙන යනවා.අපි බොහෝම කණගාටුවට පත් වෙනවා එදා තිබුණ නිර්ධන පාන්තික පක්ෂය නෙමෙයි දැන් තියෙන්නේ. මමත් ගියා දෙපාරක් පන්ති 05 ට, අපි හිතුවා නිර්ධන පන්තියට ලොකු උදව්වක් කරලා, නිර්ධන පන්තියේ ධනය වර්ධනය කරන්න තමයි අපි විශ්ව විද්‍යාලයට යන කාලේ පන්ති 05 ට ගිහින් ජ.වි.පෙට ගියේ, දැන් මොකක්ද වෙලා තියෙන්නේ?
දැන් විපතක් වෙලා තියෙන්නේ, මොකද ඔවුන් සියලු ධනපති පක්ෂ වලට වඩා ධනපතීයි දැන්, පොඩි මිනිහා ගැන කිසිම සැලකිල්ලක් නෑ, පොඩි මිනිහා නැති වෙලා තියෙන්නේ, අනාගතයේ මීටත් වැඩිය නැතිවෙන්න නියමිතයි.මේ අය-වැය යෝජනා ටික ක්‍රියාත්මක වුණාම නැත්තටම නැති වෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා, එකක් තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ එන්.පී.පී කියලා අටවා ගත්ත මේ පූට්ටුව. ඇත්තටම අර' කොළඹට කිරි ගමට කැකිරි ' කියන කථාවේ කිරි-කැකිරි එකට දැම්මාම ආපු කතන්දරය තමයි මේ තියෙන්නේ.එහෙන් වලව්ව නියෝජනය කරමින් , ඔ්තමෝ, අපේ හරිනී මැතිතුමිය, ගොඩක් ආඩම්බරයි . අපේ ජනතා විමුක්ති පෙරමුණේ අපිත් එක්ක එකට දේශපාලනය කරලා, එකට විශ්ව විද්‍යාලයේ ගිහිල්ලා, මේ ධනපතියට භංගවේවා කියලා, ජේ.ආර් මරමු කියලා රතු පාටින් බිත්තියේ ලියපු අපි දැන් වලව්වේ හාමු මහත්තයා එක්ක එකට කොළපාටින් ගහපු පොත, දැන් දම්පාටින් ගහලා, ඒකේ තියෙන ඒවා ඔක්කෝම ක්‍රියාත්මක කරමින්, අපේ ගමට තිබුණු පෞරුෂය නැති කරලා තියෙනවා.මමත් එන්නේ ගමකින්, මගේ අම්මා ගුරුවරියක්, ගමෙන් කොළඹට ආවම අපිට පෞරුෂයක් තිබුණා, අපි කොළඹත් එක්ක හැප්පුණා, භය නැතිව හැප්පුණා, මේ ගොල්ල හතරට නැමිලා තියෙනවා.අද දුප්පත් මිනිහා නැති වෙන සියලු දේ ක්‍රියාත්මක කරලා තියෙනවා.එන කොට කිව්ව හැම පොරොන්දුවක්ම අමතක කරලා තියෙනවා.
ඒක එතන්ට ගෙනාවේ මේ දේශපාලනයේ හිටපු පවුල් දේශපාලනයේ ආත්මාර්ථකාමී දේශපාලන නායකයෝ, ඔබේ ජීවිතය වෙනස් කරන්නේ නැත්නම් දේ කරන දේශපාලනයෙන් වැඩක් නෑ.අපි කරන්නේ නිර්ව්‍යාජ දේශපාලනයක්, පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ අපි ගම් එක්ක බද්ධ වෙලා, මේ වගේ ඇවිත් ගම දියුණු කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා යැයි පැවසීය.
එහිදී අදහස් දැක්වූ සර්ව ජන බලය පක්ෂයේ නියෝජ්‍යය නායක එස්.එම් චන්ද්‍රසේන මහතා,
" අපි කරපු වැඩක් තමයි තියෙන්නේ ගමේ කොහේ හරි, වැවක් හැදුවනම් තියෙන්නේ, නමුත් බොරුවට ඔක්කොම අහු වුණා, මුලාවට ඔක්කොම අහුවුණ නිසා අපේ වැඩ අමතක වුණා, අපි කරපු දේවල් අමතක වුණා, ඊට වඩා ගොඩාක් දේවල් දෙනවා කියපු නිසා ගොඩාක් දෙන තැනකට තමයි ඡන්දය දුන්නේ. හැබැයි ඒවා කිසි දෙයක් හම්බ වුණේ නෑ, ඒ නිසා අද වෙන කොට ජනතාව තීන්දු කරලා තියෙනවා මොනවාද කරන්න ඔ්න කියලා " යැයි සර්ව ජන බලය පක්ෂයේ නියෝජ්‍යය නායක එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය.
අපි මේ මැතිවරණයයේදී ස්ථීර වශයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය සභා 19 සහ මහ නගර සභාව අපි පක්ෂයක් හැටියට අපි ප්‍රාදේශීය සභා කීපයක් ජයග්‍රහණය කරනවා වගේම අපි විපක්ෂය හැටියට සර්ව ජන පක්ෂයේ නායකත්වය යටතේ ප්‍රාදේශීය සභා 18 ත් නගර සභාවත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා. කියන එක ස්ථීර වශයෙන්ම ප්‍රකාශ කරනවා. ඒකට හේතුව තමයි අද අලුත් නායකයෙක් හොයනවා රට. අපේ හිටපු නායකයෝ පිළිබඳව හොඳ අත්දැකීමක් ලබමින් සිටිනවා අපේ ජනතාව.ඒ නිසා දහසක් බලාපොරොත්තු තියාගෙන පත් කර ගත්තු ආණ්ඩුවේ තත්වය පිළිබඳව මම අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ.
තමුන්නාන්සේලා හොඳට මේ මාස 06 ට අපිටත් වැඩිය තමුන්නාන්සේලා කියනවා.එහෙම නම් අපිට මේ රට ගොඩනගන්න පුලුවන්, විශ්වාසවන්ත, වැඩක් කරන්න හුරු පුරුදු, ඒ වගේම ඒ පිළිබඳව බුද්ධියක් සහ වැඩපිළිවෙලක් තියෙන නායකයෙක් තමයි දිලීත් ජයවීර මැතිතුමා.ඒ නිසා තමයි මධ්‍යම පන්තියේ අය, රාජ්‍යය සේවකයෝ කියන්නේ අද දීලීත් ජයවීර මැතිතුමාගේ පදක්කමට ඡන්දය දෙනවා කියලා.
ඒක අපිට 06 වැනිදා හවස් වෙන කොට බලාගන්න පුලුවන් පදක්කම කොතැනද තියෙන්නේ කියලා. අපි පුලුවන් තරම් වැඩ කරලා තියෙනවා.අපි කරපු වැඩක් තමයි තියෙන්නේ ගමේ කොහේ හරි, වැවක් හැදුවනම් තියෙන්නේ, කැකිරාවේ ඉඳන් තලාවට යන පාර අවුරුදු 10 ක් මේ පාර අතෑරලා තිබුණේ වාහන ගියේ නෑ, මං මැදිහත් වෙලා තමයි පාර හැදුවේ, ඒ වෙලාවේ කවුරුත් බෝඩ් ගහලා තිබුණා . පක්ෂ භේදයකින් තොරව අපි ඉන්නේ කොහෙද එහාට ඡන්දය දෙනවා කියලා.ඒක හැබැ වුණේ නෑ, මොකද අර සුනාමියක් ආව නිසා ඔක්කොම ඒකට අහු වුණා.බොරුවට ඔක්කොම අහු වුණා, මුලාවට ඔක්කොම අහුවුණ නිසා අපේ වැඩ අමතක වුණා, අපි කරපු දේවල් අමතක වුණා, ඊට වඩා ගොඩාක් දේවල් දෙනවා කියපු නිසා ගොඩාක් දෙන තැනකට තමයි ඡන්දය දුන්නේ.හැබැයි ඒවා කිසි දෙයක් හම්බ වුණේ නෑ, ඒ නිසා අද වෙන කොට ජනතාව තීන්දු කරලා තියෙනවා මොනවාද කරන්න ඔ්න කියලා ' යැයි ඔහු පැවසීය.

