රජයේ සහතික වී මිලේ බාලගිරි දෝෂය ගැන ගොවීන්ගෙන් මැසිවිලි..
දිවයිනේ ප්‍රදේශ රැසක මේ වන විට මහ කන්නයේ අස්වනු නෙලීම ආරම්බ කර තිබෙනවා.
එවන් පසුබිමක රජය සහතික මිලක් නියම නොකිරීම හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල ගොවීන්ගෙන් අතරමැදියන් වී මිලදී ගන්නේ ඉතා අඩු මිලකට බවට ගොවීන් චෝදනා කරනවා
මේ අතර අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ වැඩසටහනකට එක්වෙමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ, නිෂ්පාදන වියදමට 30%ක් එකතු කර වී කිලෝවක අවම මිල ඉදිරියේදී නියම කරන බවයි.
කෙසේ වෙතත් ප්‍රදේශ රැසක ගොවීන් චෝදනා කර සිටියේ මේ වන විට ගොයම් කැපීම් ආරම්භ කර ඇතත් වී සඳහා නිසි මිලක් ලබා දීමට තවමත් රජය අපොහොසත් වී ඇති බවයි.
එමෙන්ම ජාතික කාන්තා එකමුතුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රජයට අවධාරණය කළේ රට තුළ තිබෙන සහල් නිසි ලෙස කළමනාකරණය කර සහල් අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙසයි.මේ අතර පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කළා.
You may like this video