වෙඩිල්ලක් නිසා දෙහිවල හෙල්ලෙයි - ඉලක්කය ව්‍යර්ථ වීමත් සමඟ වෙඩික්කරු සමඟ ජීවිතය වෙනුවෙන් පොර බැඳීමක්
දෙහිවල කඩවත පාර දහනායක ක්‍රීඩාංගණය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කරමින් සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (04) දින පස්වරු 08.10ට පමණ මුහුණු ආවරණය කරගනිමින් යතුරුපැදියක පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකිරීමට තැත් කර ඇති බව සඳහන්.
ක්‍රීඩාංගණය අසල පිහිටි බේකරියක හිමිකරුවෙකු ඉලක්ක කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණ ද එම අවස්ථාවේ දී වෙඩික්කරුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති බව සඳහන්.
බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්
එහිදී බේකරි හිමිකරු, වෙඩික්කරු සමඟ පොරබදා වෙඩික්කරුගේ ගිනිඅවිය බේකරි හිමිකරු විසින් උදුරාගෙන ඇත. අනතුරුව වෙඩික්කරු එම ස්ථානයෙන් පලාගොස් ඇති බව සඳහන්.
එසේම බේකරි හිමිකරු සුළු තුවාල ලබා ඇති බවද පොලීසිය පවසයි. මේ අතර පොලීසිය ප්‍රකාශ කළේ අදාළ සිදුවීම සම්බන්ධව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි.