තත්ත්වය අවදානම්- වහාම ජනතාව මුදාගන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව මුදවා ගැනීමටත්, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව විපතට පත්වූවන් උදෙසා සුදුසු සහන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් එම අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

ඉදිරි පැය 24 ඇතුළත ගං වතුර අවදානම් සහිත කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ මෙන්න

ඉදිරි පැය 24 ඇතුළත ගං වතුර අවදානම් සහිත කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ මෙන්න

එමෙන්ම, අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව කඩිනමින් හඳුනාගෙන ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදෙන ලෙස ද ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

මෙලෙස සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත හෝ ඥාතීන්ගේ නිවාස වෙත යොමු කරන ජනතාවට අවශ්‍ය ආහාරපාන හා අනෙකුත් මූලික පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටිය හැකි බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉදිරි පැය 36 ඉතා අවදානම් සුදානමින් සිටින්නයැයි රජයෙන් පූර්ව දැනුම්දීමක් - මේ ප්‍රදේශ සියල්ල ලොකු අවදානමක

ඉදිරි පැය 36 ඉතා අවදානම් සුදානමින් සිටින්නයැයි රජයෙන් පූර්ව දැනුම්දීමක් - මේ ප්‍රදේශ සියල්ල ලොකු අවදානමක