ආරක්ෂක අමාත්‍යාංශයෙන් හදිසියේම අනතුරු ඇඟවීමක්..

Kamal Gunaratne Ministry of Defense Sri Lanka
By Aruna May 30, 2023 07:40 AM GMT
Aruna

Aruna

Report

වාර්ගික ප්‍රශ්න ඇවිස්සීමට හෝ සමාන චේතනාවන් ඇතිව කටයුතු කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට හෝ සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවා තිබෙනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ, යළිත් වරක් රට තුළ තවත් අර්බුදයක් ඇති වන බවට පැහැදිලි ලකුණු පහළ වී ඇති බවයි.

විශේෂයෙන්ම රට දැඩි ආර්ථික අර්බුදයකින් ගොඩ ඒමේ මාවතකට ගමන් කරන තීරණාත්මක අවස්ථාවක මෙවැනි ගැටලු නිර්මාණය වෙමින් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

රට තුළ ආගමික ආරවුල් අවුලුවාලමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අරමුණින් විවිධ අරමුණු ඇති පිරිස් කටයුතු කිරීම පිළිබඳව ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අවධානය යොමු කර තිබේ.

සෞඛ්‍ය සම්පන්න සමාජයක් සඳහා ආගමික ස්ථාවරත්වය පවත්වා ගැනීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

"යම් පුද්ගලයෙක් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් වාර්ගික හැඟීම් අවුස්සන්නට හෝ ඒ හා සමාන චේතනාවකින් වැඩ කිරීමට උත්සාහ කරන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ 9 වැනි පරිච්ඡේදය අනුව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අපි පසුබට නොවෙමු," ඔහු වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now