තෙල් නල මාර්ගයේ දෝෂයක් කොළඹ වරායෙන්!
By Gagana News
කොළඹ වරායේ, කොලොන්නාව ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තය (CSTL) හා සම්බන්ධ කරන තෙල් නල මාර්ගවල දෝෂයක් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.
ඉන්ධන සපයන නළ මාර්ග දෙකෙන් එකක මෙම දෝෂය හඳුනාගෙන ඇති අතර අනෙක් නල මාර්ගය හරහා ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් පවත්වා ගැනීමට පියවර ගනිමින් සිටින බව ඔවුන් තවදුරටත් මහජනතාවට සඳහන් කර සිටියේය.