ජීවිතේ ලස්සනම, වටිනම දවසට ලහි ලහියේම සැරසෙන දීපිකා - සැමියාගෙන් රසිකයින්ට ආදරණීය පණිවිඩයක්.. (PHOTOS)

Report

බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනී දීපිකා පදුකෝන් මේ වන විට සිය කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටියි.

ඒ බව ඇය නිල වශයෙන් තහවුරු කළේ ය. 

ඇයගේ සැමියා වන බොලිවුඩ් නළු රන්වීර් සිං ඉන්ස්ටග්‍රෑම් හරහා සටහනක් තබමින් දීපිකා ගැබ් ගත් බව රසිකයන්ට දැනුම් දෙනු ලැබීය.

දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං 2018 වසරේ නොවැම්බර් මාසයේ ඉතාලියේ දී විවාහ විය.

ඔවුන්ට දරුවා ලැබීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේ දී වේ.

කෙසේ වෙතත්, පසුගියදා දීපිකා BAFTA සම්මාන උළෙලට එක්වද්දී බොහෝ දෙනා ඇය ගැබ්ගෙන ඇති බවට සැක පළ කළේ ය.

GalleryGalleryGalleryGalleryGalleryGallery