දීපිකා පදුකෝන් නැවතත් උතුම් මව් පදවියට? බොලිවුඩයම කලඹමින් දීපිකාගේ පියාගෙන් ඉගියක්

Report

දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං කියන්නේ මුළු බොලිවුඩයම හොල්ලපු ආදරණීය කලාකරුවන් දෙපලක්.

මේ වෙද්දී ආදරණීය දියණියකගේ මව්පියන් වන ඔවුන් සිය දියණියව හදා වඩා ගන්නා ආකාරය ගැන බොහෝ පිරිසක් සතුටින් කතා කරනවා.

ඉතින් මේ දෙන්නා     හම්බ කරපු විදිහට එයාලගේ දුවට පුංචි දුආ ට මොන සැපක් විඳින්න බැරිද? ඒත් ඒ පුංචි කෙල්ල හරි ආසාවෙන් කෝච්චියේ ත්‍රිවිලයේ ගමන් බිමන් යනවා.

60 පැනපු අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

60 පැනපු අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

ඒ ගැන දීපිකාගෙ තාත්තා, දුආගෙ සීයා ප්‍රකට බැඩ්මින්ටන් ක්‍රීඩක ප්‍රකාශ් පදුකෝන් ඉන්නේ හරිම සතුටින්.

ඉතින් දීපිකාගේ තාත්තා දීපිකා ගැනත් ඉගියක් දීලා අපූරු කතාවක් කියලා තියෙනවා.ඔහු පවසන්නේ,

"මගේ මිනිබිරිය නිසා මම දැන් ජීවිතේ අලුත්ම සතුටක් විඳිනවා . දීපිකා සහ රන්වීර් තමන්ගේ දුවව හදාගන්න විදිහ මම ගොඩක් අගය කරනවා.

දීපිකා හැම වෙලාවකම දුව ළඟින්ම ඉන්නවා. රන්වීර් රූගත කිරීම් නැති හැම වෙලාවකම දුවගේ වැඩවලට උදව් වෙනවා. මේ දෙන්නා සැබෑවටම දුව වෙනුවෙන් කැපවුණු දෙමාපියන්.

ඒ ගැන මට පුදුම ආඩම්බරයක් තියෙනවා. තවත් රසවත් රහසක් තියෙනවා .පුංචි දුආ සාමාන්‍ය දරුවෙක් වගේ හැදෙනවා දකින්න පවුලේ අපි කැමතියි.

ඒ නිසාම ප්‍රසිද්ධ අයගේ දරුවන්ට ලැබෙන්නේ නැති අත්දැකීම් ඇයට දෙන්න මගේ දුව සහ බෑණා උත්සාහ කරනවා. ඇයව මෙට්‍රෝ කෝච්චිවල, ත්‍රීවීල්වල වගේම සාමාන්‍ය පාර්ක්වලත් එක්කගෙන යනවා . දැන් පුංචි දුආ හරිම ඉක්මනින් ලොකු වෙනවා.

ඇය ඕනෑම කෙනෙක් එක්ක හරිම සුහදව කතා කරන, ඕනෑම කෙනෙකුට ‘හෙලෝ’ කියන හුරතල් දරුවෙක්. දුම්රිය දෙස බලා සිටීමට වගේම ක්‍රීඩා කිරීමටත් ඇය දැන් ගොඩක් කැමතියි. දීපිකා සහ රන්වීර් ඔවුන්ගේ දෙවැනි දරුවා ගැනත් දැන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

පහුගිය අප්‍රේල් මාසයේදී ඔවුන් ඒ ගැන සමාජ මාධ්‍ය හරහා රසිකයන්ට කියලාත් තිබුණා. ඉතින් මගේපුංචි මිණිපිරිය දුආට තව නොබෝ දිනකින්ම නංගියෙක් හරි මල්ලියෙක් හරි ලැබෙයි. ඉතින් ඉල්ලූ ජීවිතය දෝතට ලැබීම තරම් තවත් වාසනාවක් කොහෙන්ද?"

යනුවෙනි.

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි