කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිනී දීපා එදිරිසිංහ ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Report

කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිනී දීපා එදිරිසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ඇය මන්ත්‍රීධුරය භාරගැනීමේදී වසරකින් අනතුරුව ඉන් ඉල්ලා අස්වන බවට වූ පොරොන්දුවක් මත මෙම තීරණය ගෙන ඇති අතර ඇය ධුරයෙන් ඉල්ලා අස්වූවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කටයුතුවල අඛණ්ඩව රැඳි සිටින බව මාධ්‍යට පවසා ඇත.

එමෙන්ම කොළඹ මහනගර සභාවට ඉදිරියේදී නව සභිකයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නම් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව අදාළ නම ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

මීට පෙර ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තුළ මෙවැනි ආකාරයේ ඉල්ලා අස්වීම් සිදුවී ඇති බවත් මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක් බවටත් තොරතුරු වාර්තා වෙයි.