ලාදුරු පරීක්ෂණ නවත්වන්නට තීරණයක්.

By Madheeha_Naz May 15, 2023 06:52 AM GMT
Report

ඉදිරියේ දී පාසල් අවට ලාදුරු රෝගී පරීක්ෂාවන් සිදුනොකිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසා තිබෙනවා.

දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරමින් එම පියවර ගෙන ඇති අතර බාහිර ස්ථානවල සිදුකරන පරීක්ෂණ සහ ආශ්‍රිතයින් හඳුනාගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩ සිදුකෙරෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

"ළමයින්ගේ බහුතරයකට 80%කට වඩා තියෙන්නේ බෝනොවන ලාදුරු. ඊළඟ කාරණය තමයි අපි ඒ වගේ ළමයෙක්ව ලාදුරු රෝගියෙක් කියලා හඳුනාගන්න, ඒ අදාළ පාසලේදී පරීක්ෂාව කරන විට දී ඒ ළමයාට ලොකු මානසික පීඩනයක් ඇතිවෙනවා. මොකද අපි ඇවිල්ලා PHI මහත්වරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්වරු, දොස්තර මහත්වරු ඇවිල්ලා බලන්නේ, ඒ ළමයාගේ ලාදුරු හඳුනාගත්ත නිසා කියලා ලොකු බයක් තියෙනවා. අපි ළමයාගේ අනන්‍යතාවය හෙළි කරන්නේ නැහැ. නමුත් ඉතාම කලාතුරකින් අවස්ථාවලදී වෙනම ඒ ළමයාව හඳුනා ගැනීමක් වෙන්න පුළුවන්. සෞඛය අමාත්‍යාංශයේ ලාදුර මර්දන ව්‍යාපාරය තීරණය කළා මින් පසු අපි ලාදුරු තියෙන ළමයෙක් හමුවුණා කියලා, ළමයාගේ පාසලට ගිහින් ලාදුරු රෝගීන් ඉන්නව ද කියලා පරීක්ෂා කරන්නේ නැහැ. අපි විශේෂ අවස්ථාවලදී විතරක් කරනවා. ඒක බොහෝම කල්පනාවෙන් තොරාගත් අවස්ථාවලදී විතරයි කරන්නේ. සමස්තයක් වශයෙන් අපි කරන්නේ නැහැ ඒක." යනුවෙන් ඔහු පවසා තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW