ඊයේ (15) සමලිංගික විවාහය නීති ගත කිරීමට ග්‍රීසි පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව වාර්තා වන්නේ, සමලිංගික විවාහය නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය පත්ව ඇති බවයි.
විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙලෙස සමලිංගික යුවළ සඳහා සමාන මාපිය අයිතිවාසිකම් ලබාදීමට තීරණය කර ඇති බවයි.
කෙසේ වුවත් මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට එරෙහිව ඕතොඩොක්ස් පල්ලියේ ආධාරකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා රැළියක්ද පවත්වා තිබෙනවා.